On 4th July 2025, four Sri Lankan individuals who were swept away by strong currents while bathing in the Manik Ganga near Kataragama were successfully rescued by lifesaving personnel of the Sri Lanka Coast Guard.
The Sri Lanka Coast Guard life savers deployed at ‘Sellakataragama’ and the Kataragama Bridge to ensure the safety of devotees during the annual pilgrimage ‘Padayathra’ acted swiftly and rescued them unharmed and safety brought to riverbank.
The rescued persons were identified as Sri Lankan citizens aged between 12 and 55, residing in areas including Bandarawela, Batticaloa and Kalmunai.
The Sri Lanka Coast Guard continues to maintain constant vigilance across the island to ensure the safety of both local and foreign tourists, as well as religious pilgrims, especially during peak travel and religious observance seasons.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක පුද්ගලයින් විසින් 2025 ජූලි 04 වන දින කතරගම ප්‍රදේශයේදී මැණික් ගඟේ දිය නෑමට ගොස් සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් හතර (04) දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
රුහුණු කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන “පාද යාත්‍රාව” සඳහා පැමිණ සිටි ශ්‍රී ලාංකික බැතිමතුන් (04) දෙනෙකු සෙල්ල කතරගම සහ කතරගම පාලම අසල දිය නාමින් සිටියදී 2025 ජූලි 04 වන දින මෙසේ සැඩපහරට හසුව ගසාගෙන යන ලදී.
රුහුණු කතරගම දේවාලයේ “පාද යාත්‍රාව” සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්‍ෂක පුද්ගලයන් කඩිනමින් ක්‍රියාත්මක වී එම ශ්‍රී ලාංකික බැතිමතුන් හතර දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩට ගෙනැවිත් මුලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කරන ලදී.
මෙසේ බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් හතරදෙනා වයස අවුරුදු 12ත් 55ත් අතර වයසේ පසුවන බණ්ඩාරවෙල , මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හදුනා ගන්නා ලදී. තවද, දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම බැතිමතුන්ගේ ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපර්තමේන්තුව දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් නිරන්තර අවධානයෙන් සිටී.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff