Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

AUSTRALIAN BORDER FORCE DONATES EQUIPMENT TO SRI LANKA COAST GUARD

In a significant gesture of bilateral cooperation, the Australian Border Force (ABF) donated equipment to the Sri Lanka Coast Guard (SLCG) to support maritime safety and security operations.This donation coincided with the conclusion of the second iteration of “Disi Rela 2”, a joint bilateral maritime exercise between the two nations. The exercise was conducted from 2nd to 6th June 2025, covering the fishing ports of Mirissa, Devinuwara, Hambantota, and Kirinda in Sri Lanka. As a part of this initiative, the Australian Border Force also conducted a specialized training programme for SLCG officers at the SLCG Headquarters in Mirissa on 17th July 2025, focusing on effective communication methods and operational message exchange techniques.

This collaboration comes at a critical time, as the global legal framework for maritime security is being challenged by rising non-traditional maritime threats such as human trafficking, drug smuggling, illegal migration, sea piracy, unregulated and unreported fishing, and marine pollution. These threats continue to endanger marine ecosystems and coastal security.To combat against these evolving challenges, the Australian Border Force handed over a collection of equipments to the Operations Center located at SLCG Headquarters. This equipment is expected to significantly strengthen Sri Lanka’s maritime domain awareness and response capabilities.

The First Secretary, Inspector Paul Edwards, from Australian High Commission in Sri Lanka ceremonially handed over the items to Deputy Director General Sri Lanka Coast Guard Commodore Manoj Leelarathna and Delegation from Australian High Commission senior and junior officers from the Coast Guard Headquarters were also present on this occasion.

ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත උපකරණ රැසක් පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඕස්ට්‍රේලියානු දේශ සීමා බළකාය හා එක්ව දෙවන වරට සංවිධානය කරනු ලැබූ “දිසි රැල 2” ද්විපාර්ශවික අභ්‍යාසය 2025 ජුනි මස 02 වන දින සිට දින 05ක් පුරා ශ්‍රී ලංකා‌වේ මිරිස්ස, දෙවුන්දර, හම්බන්තොට සහ කිරින්ඳ යන ධීවර වරායන් ආවරණය වන පරිදි පැවැති අතර, මෙම අභ්‍යාසයේ අත්‍යවශ්‍ය අංගයක් වු උපක්‍රමශීලි පණිවුඩ හුවමාරු ක්‍රමෝපායන් සම්බන්ධ පුහුණු වැඩසටහනක් වෙරළ ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් මිරිස්ස ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදි 2025 ජුලි මස 17 වන දින පැවැත්වීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බළකායේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදි.

තවද, සමුද්‍රිය ආරක්‍ෂාව හා සුරක්‍ෂිතතාවය වෙනුවෙන් පවත්නා ගෝලීය නීතිමය රාමුව සමුද්‍රිය සහයෝගීතාවයන් අභියෝගයට ලක් වෙමින් සාගරික වපසරිය තුල සම්ප්‍රදායික නොවන සමුද්‍රිය තර්ජනයන් ලෙස සැලකෙන මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අනවසර සංක්‍රමණ, මුහුදු මංකොල්ලකෑම් සහ නීති විරෝධි නියාමනය නොවු හා වාර්තා නොවන ධීවර කටයුතු මෙන්ම සමුද්‍රිය සම්පත් සූරාකෑම, සමුද්‍රිය දූෂණය, සමුද්‍රිය අනතුරු සහ පාරිසරික පද්ධතියට සිදුවන හානිදායක තත්වයන් හමුවේ ශක්තිමත්ව මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය විසින් උපකරණ රැසක් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ පිහිටි මෙහෙයුම් මැදිරිය වෙත පරිත්‍යාග කිරීමද මෙම අවස්ථාවට සමගාමිව සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් The First Secretary Inspector Paul Edwards ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff