Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD RESCUES FOUR(04) FOREIGNERS OFF MIRISSA COAST.

On 28th October 2025,the Sri Lanka Coast Guard rescued four (04) foreign nationals, including two women, who were drowning in the waters off Mirissa. Swift action by Coast Guard officers ensured that all were brought safely to shore and given first aid.

The rescued individuals were identified as Russian nationals, aged between 13 and 55 years.

මිරිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි විදේශිකයන් හතර දෙනෙකු(04) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් බේරා ගනී.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2025 ඔක්තෝබර් මස 28 වන දින මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් ගිලෙමින් සිටි කාන්තාවන් දෙ‍දෙනෙකු අතුළු විදේශිකයින් හතර (04) දෙනෙකු බේරාගන්නා ලදි.

මිරිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටියදී මෙම විදේශිකයින් හතර(04)දෙනා දියවැලකට හසුවී දියේ ගසාගෙන යමින් සිටියදී එම වෙරළ තීරයේ ජීවිතාරක්‍ෂක රාජකාරී සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු වෙරළ ආරක්‍ෂක නිලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක වි එම විදේශිකයන් හතර(04)දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදි.

මෙසේ බේරාගනු ලැබූ විදේශිකයන් හතර(04)දෙනා වයස අවුරුදු 13ත්,55ත් අතර වයසේ පසුවන රුසියානු ජාතිකයන් බව වැඩි දුරටත් අනාවරණය කරගන්නා ලදි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff