Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

OVER 1500 KILOGRAMS OF KENDU LEAVES TAKEN INTO CUSTODY BY COAST GUARD

The Sri Lanka Coast Guard (SLCG), during a special search operation conducted off Wellamankara sea area in Wennappuwa, took in to custody thirty three (33) sacks containing approximately 1500kg of Kendu leaves on 14th November 2025.

Based on information received by the Coast Guard, a special operation was carried out in Wellamankara, Wennappuwa sea area. During the operation SLCG recovered over 1531 kilo grams and 100 grams of Kendu Leaves believed to have been abandoned after failing to bring it ashore due to SLCG presences.

The seized Kendu leaves will be handed over to the Katunayake, Custom Preventive Office for further investigations.


බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1500කට අධික තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව, 2025 නොවැම්බර් මස 14 වැනි දින වෙන්නප්පුව, වෙල්ලමන්කර, වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහකර අතහැර දමා තිබූ උර තිස්තුනක (33) ක අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1531 ග්‍රෑම් 100ක තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කරන මෙම බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදිමට නියමිතව ඇත.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff