Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

THE CONTRIBUTION OF THE SRI LANKA COAST GUARD TO PRESERVING A BEAUTIFUL COASTLINE

The Sri Lanka Coast Guard, together with the Balapitiya Divisional Secretariat, successfully conducted a coastal clean-up programme on 09 December 2025.

Accordingly, the coast guard personnel attached to the Balapitiya Life Saving Training School of the Coast Guard, together with the officials of the Balapitiya Divisional Secretariat, carried out breach cleaning on 09 December 2025 to restore the Balapitiya beach, into a clean and beautiful coastline free of debris.

Furthermore, the Sri Lanka Coast Guard is contributing it’s fullest support to transform the polluted coastal belt around the island in to a clean and beautiful one to attracting both local, foreign tourists and safeguarding the coastal ecosystem for the benefit of future generations.


සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කිරීමේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 09 වන දින සාර්ථකව පවත්වයි.

ඒ අනුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් බලපිටිය ජීවිතාරක්‍ෂක පුහුණු පාසලට අනියුක්ත වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් හා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ බලපිටිය වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට 2025 දෙසැම්බර් මස 09 වන දින කටයුතු කෙරිනි.

තවද, දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර ආකර්ෂණීය වෙරළ තීරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීම මෙන්ම වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවෙමින් සිටී.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff