The Public speaking competition – 2025, organized for the first time by the Training Directorate of the Sri Lanka Coast Guard, was successfully concluded on 12th December 2025 at the Sri Lanka Coast Guard Headquarters in Mirissa.
With the objective of enhancing the oratorical skills and leadership qualities of Sri Lanka Coast Guard personnel, under the guidance and direction of the Acting Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph, the Training Directorate of the Coast Guard organized this public speaking competition for the first time under two categories for the Officers and Other rates. The final competition for the Other rates category was held on 12th December 2025 at the Coast Guard Headquarters in Mirissa, under the patronage of the Deputy Director General, Commodore Prasad Jayasinghe.
Furthermore, seven (07) contestants representing various institutions, ships, and craft of the Coast Guard competed in this final round. A large number of senior and junior officers, as well as other rates of the Coast Guard, were present to witness the event.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු ඒකකය මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කථික තරඟාවලිය - 2025, මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී 2025 දෙසැම්බර් මස 12 වන දින සාර්ථකව නිමාවට පත් විය.
වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පුද්ගලයින්ගේ කථික හකියාව සහ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පුහුණු ඒකකය මඟින් ප්‍රථම වරට නිලධාරීන් සහ සෙසු නිලයන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ සංවිධානය කරන ලද මෙම කථික තරඟාවලියේ සෙසු නිලයන් වෙනුවෙන් පවත්වනු ලැබූ අවසන් මහා තරඟය 2025 දෙසැම්බර් 12 වන දින මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේදී එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු ප්‍රසාද් ජයසිංහ ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
තවද, මෙම අවසන් මහා තරඟය සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විවිධ ආයතන, නෞකා සහ යාත්‍රා නියෝජනය කරමින් කථිකයන් හත් (07) දෙනෙකු තරඟ වැදුණු අතර, මෙම අවස්ථාව නැරඹීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් රැසක් සහභාගී වී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff