Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SIX ARRESTED WITH OVER 850 KILOGRAMS OF ILLEGAL SHARK FISH

A special search operation conducted by the Sri Lanka Coast Guard at the Wellamankara fishery harbour in Wennappuwa at early morning today (06th January 2026), led to the arrest of six (06) fishermen along with over 850 Kilograms of illegally harvested shark fish concealed inside their multiday fishing vessel.

The suspects, along with the seized shark fish and fishing vessel were handed over to the Fisheries Inspector’s Office in Wellamankara for further investigations and legal proceedings.


නීති විරෝධී මෝර මසුන් කිලෝ ග්‍රෑම් 850කට අධික තොගයක් සමඟ සැකකරුවන් හයක් (06) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 ජනවාරි මස 06 වන දින අළුයම් කාලයේ වෙන්නප්පුව, වෙල්ලමන්කර ධීවර වරායේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙරට බහු දින ධීවර යාත්‍රාවක් තුල සඟවා තිබූ නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 850කට අධික තොගයක් සමඟ පුද්ගලයින් හය (06) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත් අඩංගුවට ගත් එම ධීවරයන් හය (06) දෙනා, මෝර මත්ස්‍ය තොගය හා ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා වෙල්ලමන්කර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff