Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

TWENTY TWO ENGAGED IN ILLEGAL FISHING ARRESTED BY COAST GUARD

The SLCG during special operations conducted in Beruwala, Patangala and Point Pedro areas arrested twenty two (22) fishermen who were involved in illegal fishing activities on 19th January 2026.

Fourteen (14) fishermen and four (04) boats along with nets were arrested while engaged in light coarse fishing off Beruwala seas, and in the second special operation Coast Guard personnel arrested five (05) fishermen who were in possession of 162 illegally harvested sea lobsters, Conch shells (07) along with five (05) Fiber Glass Dinghy boats.

In another operation conducted on the same day at Point Pedro, Coast Guard personnel arrested three (03) individuals in possession of 9.7 Kg of fish species “Thambuwa”(Cephalopholis Sonnerati) All arrested personnel, fishing boats, fishing gear and fish stocks were handed over to the respective Fisheries Inspectors for legal proceedings.


නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් විසි දෙකක් (22) සමඟ යාත්‍රා දහයක් (10) ක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව වෙරළ බඩ මුර යාත්‍රා යොදාගෙන 2026 ජනවාරි මස 19 වන දින බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් තහනම් පන්න ක්‍රම සහ දැල් ආම්පන්න භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දහ හතර (14) දෙනෙකු සමඟ මෙරට නිෂ්පාදිත එක් දින ධීවර යාත්‍රාවක් ඇතුලු යාත්‍රා හතරක් (04ක්) අත්අඩංගුවට ගැනිමට කටයුතු කල අතර කිරින්ද සහ හම්බන්තේට ධීවර පරීක්‍ෂණ නිළධාරින් හා එක්ව කිරින්ද පටංගල මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදි වර්ෂ 2000 මර්තු මස 13 වන දිනැති අංක 1123/2 දරන අති විශේෂ ගැසටි පත්‍රයේ විධි විධාන උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු පොකිරිස්සන් 162 ක්, හක් බෙල්ලන් 07 ක්, ඩිංගි යාත්‍රා 05 ක් සමඟ සැකකරුවන් පස් (05) දෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත් විය..

එමෙන්ම, පේදුරු තුඩුව ප්‍රදේශයේ සිදු කල මේහෙයුමකදි වර්ෂ 2017 අප්‍රේල් මස 11 වන දිනැති අංක 2014/4 දරන අතී විශේෂ ගැසට් පත්‍රයේ විධි විධාන උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අල්ලන ලද තඹුවා (Cephalopholis Sonnerati) මසුන් කිලෝ ග්‍රැම් 9.7 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනිමට සමත් විය.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙදෙනා (22), ධීවර යාත්‍රා දහය (10), දැල් ආම්පන්න, සහ මත්ස්‍ය තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල, කිරින්ද සහ පේදුරු තුඩුව ධීවර පරික්‍ෂණ කාර්යාලය වෙත භාර දිම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff