Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

KENDU LEAVES WORTH OVER 15 MILLION ARRESTED BY THE COAST GUARD

Over Rs.15 million worth of Kendu leaves were taken into custody by the Sri Lanka Coast Guard during a special operation conducted in Katuneriya today (22nd January 2026).

During this operation, Coast Guard arrested a suspect and seized over 2,150 kilograms of Kendu leaves, a freezer lorry, and a motorcycle.

Arrested Kendu leaves along with the lorry, motor bike and the suspect were handed over to Katunayake Custom Preventive Office for further investigation and legal proceedings.


රුපියල් මිලියන 15 කට අධික වීථි වටිනාකමකින්යුත් බීඩි තොල තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව වෙත ලද විශේෂ තොරතුරකට අනුව 2026 ජනවාරි මස 22 වන දින අලුයම නාවික හමුදාව හා එක්ව හලාවත කටුනේරිය ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස සූක්‍ෂමව ලොරි රථයක් තුල සඟවා රට තුලට ප්‍රවාහනය කරමින් තිබූ උර පනස් හතක (57) අසුරන ලද බීඩි කොල කිලෝග්‍රෑම් 2150කට අධික තොගයක් සමඟ එක් සැකකරුවෙක් (01) ෆීසර් වර්ගයේ ලොරි රථයක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනිමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව නිරන්තර සෝදිසියෙන් කටයුතු කරන අතර, අත්අඩංගුවට ගත් බීඩිකොල තොගය, සැකකරු, ලොරි රථය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශ සහ නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff