Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

TWO INDIAN COAST GUARD SHIPS ARRIVE IN COLOMBO HARBOUR

The Indian Coast Guard Ships (ICGS) Varaha and Atulya arrived at the Port of Colombo for an official visit and welcomed in accordance with naval traditions by the Navy Band today (24th January 2026).

The Indian Coast Guard Ship (ICGS) Varaha, 96.2 meter length Offshore Patrol Vessel (OPV), is commanded by Commandant Ashvini Kumar, while the 50 meter length Fast Patrol Vessel ICGS Atulya is under the command of Commandant Anit Kumar Mishra.

In addition, the visiting ships are scheduled to participate in a joint exercises with the Sri Lanka Coast Guard.

Further, this visit provides an opportunity to further enhance professional interaction between the Indian and Sri Lanka Coast Guards.


ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්, ICGS VARAHA සහ ICGS ATULYA, 2026 ජනවාරි 24 වන දින නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් එම නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

කොළඹ වරායට පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා (ICGS) VARAHA නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commandant Ashvini Kumar කටයුතු කරන අතර, මෙම නෞකාව දිගින් මීටර් 96.2 ක් වේ. තවද, ICGS ATULYA නෞකාව සඳහා අණදීම Commandant Anit Kumar Mishra විසින් සිදුකරනු ලබන අතර මෙම නෞකාව දිගින් මීටර් 50 ක් වේ. මෙලෙස, දිවයිනට සේන්දු වූ නෞකාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාව සමඟ සුහද නාවික අභ්‍යාසයක් සඳහා ද සහභාගී වීමට ද නියමිතව ඇත.

තවද, මෙම සංචාරය දෙරටේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අතර වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම අන්තර් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීම සඳහා ද ඉවහල් වනු ඇත.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff