Sri Lanka Coast Guard (SLCG) and visiting Indian Coast Guard ships conducted ‘SAGAREX’ Coast Guard exercise off Colombo today (27th January 2026)
Sri Lanka Coast Guard Ship Suraksha and Indian Coast Guard ships Varaha and Atulya took part in the exercise.
Maneuvering, Communication exercises, Visit Board Search and Seizure (VBSS), Search and Rescue (SAR) and firefighting exercise serials were successfully conducted with an aim to enhance interoperability between the two Coast Guards.
ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකාවන් ඒකාබද්ධව පවත්වන ලද SAGAREX අභ්‍යාසය 2026 ජනවාරි මස 27 වන දින කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සාර්ථකව පැවැත්විමට කටයුතු කෙරිණි.
2026 ජනවාරි මස 24 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා (ICGS) Varaha, ICGS Atulya නෞකාවන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රීලංවෙආනෞ ‘සුරක්‍ෂා’ නෞකාව මෙම ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී විය. ඒ අනුව මෙම අභ්‍යාසයේ දී නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ට වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS),නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන්කිරීමේ සහ ප්‍රායෝගිකව ගිණි නිවීම සම්බන්ධ අභ්‍යාසයන් මෙහිදී සිදු කෙරිණි.
ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙන්ම ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීමද SAGAREX ඒකාබද්ධ අභ්‍යාසය මඟින් අපේක්‍ෂා කෙරේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff