Based on information received by the Coast Guard, a special operation was conducted with the assistance of Sri Lanka Navy off Thoduwawa sea area in Chilaw on 26th January 2026. During the operation SLCG recovered 473.5Kg of Kendu leaves believed to have been abandoned due to SLCG presence in coastal belt.
The seized stock of Kendu leaves was handed over to the Thoduwawa police for further investigations and legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව වෙත ලද විශේෂ තොරතුරකට අනුව 2026 ජනවාරි මස 26 වන දින රාත්‍රී කාලයේ නාවික හමුදාව හා එක්ව හලාවත, තොඩුවාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල උර දොලහක (12) අසුරන ලද බීඩි කොල කිලෝග්‍රෑම් 473 ග්‍රෑම් 500 ක තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව නිරන්තර සෝදිසියෙන් කටයුතු කරන අතර, අත්අඩංගුවට ගත් බීඩිකොල තොගය, ඉදිරි විමර්ශණ සහ නීතිමය කටයුතු සඳහා තොඩුවාව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff