The Commanding Officers of the Indian Coast Guard Ships (ICGS) VARAHA and ATULYA paid courtesy calls on the Acting Director General of the Sri Lanka Coast Guard Rear Admiral Rohan Joseph on 24th January 2026.
In addition, the Commanding Officer of ICGS VARAHA, Commandant Ashvini Kumar, met with the Deputy Area Commander (West) Commodore Aruna Wijewardena on the same day.
Furthermore, the Commanding Officers also paid a courtesy call on the Commander Southern Naval Area, Rear Admiral Dhammika Wijewardhana on 29th January 2026.
The above meetings provided an opportunity for cordial exchange of views on matters of mutual interest.
Mementos were also exchanged signifying the importance of the above meetings.
The Defence Adviser of the Indian High Commission in Colombo Captain M.Anand accompanied the Indian Coast Guard officers.
පසුගියදා දිවයිනට පැමිණි ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා (ICGS) VARAHA සහ ATULYA නෞකාවන්හි අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් අතර නිල හමුව 2026 ජනවාරි මස 24 වන දින කොළඹදී පැවති අතර, මෙම නිල හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, එදිනම ICGS VARAHA නෞකාවේ අණදෙන නිලධාරී Commandant Ashvini Kumar බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන හමුවීමටද කටයුතු කෙරිණි.
එමෙන්ම, මෙම වෙරළ ආරක්‍ෂක නෞකාවන් 2026 ජනවාරි මස 29 වන දින ගාලු වරායට පැමිණිමෙන් අනතුරුව දකුණු නාවික විධාන භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නිල වශයෙන් හමුවිම සිදුකෙරුණු අතර, මෙම නිල හමුවන් සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කර ගැනිමද සිදුකෙරිණි.
තවද, මෙම සියළු නිල හමුවන් සඳහා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් M. Anand සහභාගීවී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff