The Indian Coast Guard Ships (ICGS) Varaha and Atulya, entered Galle harbour on completion of ‘SAGAREX’ exercise, on 29th January 2026.
During the ships’ stay at Galle harbour, a series of professional training programmes are scheduled, including Marine Pollution Response training, Visit, Board, Search and Seizure (VBSS), and firefighting exercises.
In addition, a joint yoga session was also conducted today (30th January 2026) onboard ICGS Varaha.
නිල සංචාරයක් සඳහා 2026 ජනවාරි 24 වන දින කොළඹ වරාය වෙත පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්, ICGS VARAHA සහ ICGS ATULYA, නෞකා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා ‘සුරක්‍ෂා’ නෞකාව සමඟ පැවති ‘SAGREX’ අභ්‍යාසයෙන් පසුව 2026 ජනවාරි 29 වන දින ගාලු වරායට සේන්දු විය.
ගාලු වරායට පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකාවන්හි කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව අද (2026 ජනවාරි මස 30) දින යෝගා (Yoga) අභ්‍යාසයකට සහභාගී වූ අතර, නෞකාවන් ගාලු වරායේ රැඳිසිටින කාල සීමාව තුල සමුද්‍රිය පරිසර දූෂණය වැළක්වීමේ හා ප්‍රථිචාර දැක්වීමේ පුහුණූ අභ්‍යාසයන්, නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ට වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම (Visit Board Search & Seizure - VBSS) සහ ගිණි නිවීමේ අභ්‍යාස සිදුකිරීමටද නියමිතව ඇත.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff