Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

OVER 62000 TURTLES HATCHLING RELEASED BY THE COAST GUARD IN 2025

The Sri Lanka Coast Guard Turtle Conservation Project has released over 62,000 Turtle hatchlings in year 2025.

The Sri Lanka Coast Guard in year 2025 along has released 62,352 Turtle hatchlings from 14 location around the country which are manned by the Coast Guard personnel under the Turtle Conservation Project.

Since the commencement of Turtle Conservation Project in 2016, the Sri Lanka Coast Guard has released over 191,000 Turtle hatchlings.


වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කැස්බෑ පැටවුන් 62352 සාගරයට මුදා හරී

මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුලත්ව සිටින කැස්බෑ සත්වයන් විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය දායකත්වය උපරිමයෙන් සැපයීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටී.

ඒ අනුව කැස්බෑවන් බහුල වශයෙන් බිත්තර දැමිම සඳහා පැමිණෙන වෙරළ තීරයන් ආවරණය වන පරිදි පුහුණුව ලද වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් යොදවා ඉතා ක්‍රමවත්ව සංරක්‍ෂණ මධ්‍යස්ථාන 14ක් පවත්වාගෙන යමින් පැටවුන් සාගරයට මුදා හැරීමට කටයුතු කරනු ලබන අතර, 2025 වර්ෂය තුලදී එවැනි කැස්බෑ පැටවුන් හැට දෙදහස් තුන්සිය පනස් දෙකක් (62352) සංරක්‍ෂණයෙන් පසු නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, 2016 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව තුල කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා කැස්බෑ පැටවුන් එක් ලක්‍ෂ අනූඑක් දහසකට (191,000) අදික ‍ප්‍රමාණයක් සාගරයට මුදාහැරිමට කටයුතු කර ඇති අතර, මේ අයුරින් සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සමස්ථ වෙරළ තීරයම ආවරණය වන පරිදි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff