Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD CONDUCTS PROGRAMMES IN VIEW OF THE 78TH INDEPENDENCE DAY

In commemoration of the 78th Independence Day, the Sri Lanka Coast Guard (SLCG) conducted several environmental and religious programmes from 29th January to 05th February 2026.

To mark this occasion, SLCG personnel attached to various ships and establishments conducted a series of events, including beach cleaning programmes at Galle Face and Mirissa beaches, as well as Mudilla and mangrove planting at Mirissa Beach and the Cod Bay Fisheries Harbour premises.

In addition, Shramadana activities and religious observances were conducted at Sanghabodhi Viharaya in Colombo, Sri Bodhi Rajaramaya in Mattakkuliya, and Sri Sunandararamaya in Mirissa.


78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

78 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 ජනවාරි මස 29 දින සිට පෙබරවාරි 05 වන දින දක්වා පරිසර හිතකාමී මෙන්ම ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිමට කටයුතු කරන ලදි.

ඒ අනුව 2026 ජනවාරි මස 29 වන දින සිට පෙබරවාරි මස 05 වන දින දක්වා පැවති මෙම වැඩසටහන් මාලාවේදී ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා සහ ආයතනයන්හි කාර්ය්‍ය මණ්ඩලය විසින් කොළඹ ගාලුමුවදොර රෝපණය කර ඇති කඩොලාන පැළ පිරිසිඳු කිරීම, ගාලුමුවදොර, මිරිස්ස වෙරළ තීරයන් පිරිසිඳු කිරීම සහ කොඩ්බේ ධීවර වරාය, මිරිස්ස වෙරළ තීරය ආශ්‍රිතව මුදිල්ලා සහ ‍කඩොලාන ශාක රෝපණය කිරීමට කටයුතු කෙරිණි.

තවද. කොළඹ 01 සංඝබෝධී විහාරස්ථානය, මට්ටක්කුලිය ශ්‍රී බෝධිරාජාරාමය, මිරිස්ස ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය සහ කොළඹ රාමක්‍රිශ්ණා මාවතේ පිහිටි බුද්ධ ප්‍රථිමා වහන්සේ පිරිසිඳු කිරීම ආදී ශ්‍රමදාන කටයුතු මෙන්ම ආගමික වතාවත් පැවැත්විමටද කටයුතු කෙරිණි.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff