Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD RESCUES 23 INDIVIDUALS FROM DROWNING IN THE MONTH OF FEBRUARY

The Sri Lanka Coast Guard (SLCG) successfully rescued twenty three (23) local and foreign tourists from drowning during lifesaving operations conducted across various coastal regions of the island in the month February 2026.

The SLCG operates seventeen (17) lifesaving posts along key tourist attracting beaches around the country and lifesaving rescue missions carried out in the seas off Galle Face, Bentota, Hikkaduwa, Mirissa, Pasikuda and Nilaweli the Coast Guard lifesavers were able to rescue thirteen (13) foreign nationals and ten (10) local tourists from drowning.

The rescued individuals comprised male and female nationals from Belarus, Canada, Czech Republic, France, Italy, Japan and Russia aged between 09 and 60 years.

Since, its establishment in 2010, the Coast Guard lifesavers have successfully rescued 2,592 lives, including 1,193 foreign nationals.


මුහුදේ ගිළි අහිමි විමට ගිය ජීවිත 23 ක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් රැක ගනී

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2026 පෙබරවාරි මාසය තුල සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් වෙරළ කලාපයේ දිය නෑමට ගොස් දියේ ගිලීමට ලක්වීමෙන් අනතුරට පත් දෙස් විදෙස් සංචාරකයින් විසිතුන් දෙනෙකුගේ (23) ජිවිත බේරා ගැනිමට සමත් විය.

ඒ අනුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක මුරකුටි පවත්වාගෙන යමින් ගාලුමුවදොර, ගල්කිස්ස, බෙන්තොට, හික්කඩුව, මිරිස්ස, පාසිකුඩා සහ නිලාවේලි මුහුදේ සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් විදේශීය සංචාරකයින් දහතුන් දෙනෙකු (13) සහ දේශිය සංචාරකයින් දස දෙනෙකුගේ (10) ගේ ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙසේ බේරා ගන්නා ලද සංචාරකයින් වයස අවුරුදු 09ත් 60ත් අතර වයසේ පසුවන රුසියාව, ප්‍රංශය, බෙලරුසය, කැනඩාව, ඉතාලිය, ජපානය සහ චෙක් ජනරජය වැනි රටවල් නියෝජනය කරන කාන්තා සහ පිරිමි පුද්ගලයන් ඇතුලත් වන බව වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි. එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව අද දක්වා ජිවිත 2592ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1193ක් විදේශිකයන් වේ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff