Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD RESPONDS SWIFTLY TO CLEAN OIL CONTAMINATED BEACHES

The Sri Lanka Coast Guard personnel responded swiftly to clean the oil contaminated beach areas in Hikkaduwa on 07th March 2026.

The Coast Guard personnel with the assistance of the Sri Lanka Navy, the Marine Environment Protection Authority and the Coastal Conservation Department commenced cleaning the oil contaminated beach areas in Narigama, Thotagamuwa and Hikkaduwa in order to prevent damages to the marine ecosystem in the above areas.


හික්කඩුව වෙරළ තීරයේ තෙල් විසිරීම පාලනයට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ මෙහෙයුම්

ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අනෙකුත් පාර්ශවකරුවන් හා එක්ව හික්කඩුව සහ ඊට ආසන්න ප්‍රදේශවල මුහුදු ජලය සමඟ මිශ්‍ර වී ඇති තෙල් ඉවත් කිරිමේ මෙහෙයුම් ඊයේ (2026 මාර්තු 07) දින සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ අනුව ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධීකාරිය, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව දිවයිනට දකුණු දෙසින් වු නාරිගම, තොටගමුව සහ හික්කඩුව යන ප්‍රදේශවල මුහුදු ජලය සමග මිශ්‍රවී ඇති තෙල් ඉවත් කිරිමේ මෙහෙයුම් ඊයේ (2026 මාර්තු 07) දින සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුදානමින් සිටි.

තවද, සමුද්‍රිය පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කිරිමේ අරමුණින් අනෙකුත් සමුද්‍රිය පාර්ශවකරුවන් හා එක්ව තෙල් ඉවත් කිරිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff