The Fly Blue Turtle – 2 Kilometre Men’s and Women’s Open Sea Swimming Championship, organized by the Sri Lanka Coast Guard(SLCG) in line with the 16th Anniversary of the SLCG, was successfully conducted at the Mirissa Beach today (14th March 2026).
The event was attended by over 115 competitors representing the Tri-Services, Police, Schools, swimming clubs across the country, and foreigners.
The Sri Lanka Army secured both the men’s and women’s overall championships and clinched the title of the SLCG Annual 2 km Open Sea Swimming Championship – 2026.
The following swimmers were awarded with certificates and cash prizes for their achievements:
| Place | Name | Sport club | Finals Time | |
|---|---|---|---|---|
| First place | Private | RBD Iroshan | Sri Lanka Army | 34.01 |
| Second place | Leading Marine Engineer | GSN Perera | Sri Lanka Navy | 34.10 |
| Third place | Lance Corporal | THKSI De Silva | Sri Lanka Army | 34.24 |
| Place | Name | Sport club | Finals Time | |
|---|---|---|---|---|
| First place | Private | NHA De Silva | Sri Lanka Army | 37.32 |
| Second place | Miss | Lagutik Sofia | Belarusian National | 39.50 |
| Third place | Miss | AGC Limanya | Seenigama Aquatic Club | 41.21 |
The Director General of the SLCG, Rear Admiral Rohan Joseph, graced the event as the Chief Guest. Officers from the Tri-Services, Police, civilians, as well as a large number of local and foreign tourists were also present to witness the event.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අභිමානවත් 16 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද කිලෝමීටර් 02 ක විවෘත පිරිමි හා කාන්තා මුහුදු පිහිණුම් තරඟය අද (2026 මාර්තු මස 14) දින මිරිස්ස මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්විණි.
එමෙන්ම, මෙම තරඟය සඳහා ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්, දිවයින පුරා ක්‍රීඩා සංගම්වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ විදේශිකයන් එකසිය පහළොවකට (115) අධික පිරිසක් සහභාගී වී සිටියහ.
තවද, මෙම විවෘත පිරිමි සහ කාන්තා තරගයට සහභාගි වු පහත නම් සඳහන් දේශීය හා විදේශීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් හට වටිනා සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට මෙන්ම සහභාගි වු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහතිකපත් පරිනැමීමටද ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරන ලද අතර මෙම තරගයෙහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් විය.
| ස්ථානය | නම | ක්‍රීඩා සමාජය | ගත වූ කාලය | |
|---|---|---|---|---|
| පළමු ස්ථානය | සාමාන්‍ය සෙබළ | ආර්ඩීබී ඉරෝෂන් | ශ්‍රී ලංකා යුධ හමුදාව | 34.01 |
| දෙවන ස්ථානය | නායක ඉංජිනේරු කාර්මික | ජීඑස්එන් පෙරේරා | ශ්‍රී ලංකා නාවික හමුදාව | 34.10 |
| තෙවන ස්ථානය | ලාන්ස් කෝප්‍රල් | ටීඑච්කේඑස්අයි ද සිල්වා | ශ්‍රී ලංකා යුධ හමුදාව | 34.24 |
| ස්ථානය | නම | ක්‍රිඩා සමාජය | ගත වූ කාලය | |
|---|---|---|---|---|
| පළමු ස්ථානය | සාමාන්‍ය සෙබළ | එන්එච්ඒ ද සිල්වා | ශ්‍රී ලංකා යුධ හමුදාව | 37.32 |
| දෙවන ස්ථානය | Lagutik Sofia | මෙනවිය | බෙලරූස් ජනරජය | 39.50 |
| තෙවන ස්ථානය | ඒජීසී ලිමන්‍යා | මෙනවිය | සීනිගම ක්‍රීඩා සමාජය | 41.21 |
තවද, මෙම පිහිණුම් තරඟය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහභාගී වූ අතර, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්, විදේශිකයන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාව නැරඹීම සඳහා සහභාගී වී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff