Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

THIRTEEN ENGAGED IN ILLEGAL FISHING ARRESTED BY COAST GUARD

During special operations conducted in Beruwala and Kalpitiya areas by the Coast Guard thirteen (13) personnel engaged in illegal fishing activities were arrested on 19th March 2026.

Ten (10) fishermen were arrested along with their boats and fishing gears while they were engaged in ‘Light Course’ fishing in Beruwala area.

In another operation conducted on the same day, Coast Guard arrested three (03) individuals while engaging in illegal night diving off Kalpitiya seas along with their Fiber Glass Dinghy boat, illegally harvested fish stock and unauthorized fishing gears.

All arrested personnel, fishing boats, unauthorized fishing gears, and fish stocks were handed over to the Beruwala Fisheries Inspectors and the Puttalam Assistant Director of Fisheries, respectively, for legal proceedings.


නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව 2026 මාර්තු මස 19 වන දින බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් තහනම් පන්න ක්‍රම සහ දැල් ආම්පන්න භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දස දෙනෙකු (10) එක්දින ධීවර යාත්‍රාවක්, ඔරුවක්, තහනම් දැල් ආම්පන්න සහ අනවසර ධීවර උපකරන සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එමෙන්ම, එදිනම කල්පිටිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදි රාත්‍රි කාලයේ කිමිදුම් කටයුතු මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 30ක්, මසුන් කිලෝ ග්‍රෑම් 67 ක් සහ දැල්ලන් කිලෝ ග්‍රෑම් 2.5 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු (03), ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිතා කරනු ලබන අනවසර ධීවර උපකරන සමඟ අත්අඩංගුවට ගැනිමට සමත් විය.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දහතුන් දෙනා(13), ධීවර යාත්‍රා දෙක(02), ඔරුව (01) දැල් ආම්පන්න, අනෙකුත් උපකරන සහ මත්ස්‍ය තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල ධීවර පරික්‍ෂණ කාර්යාලය සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දිම සිදු කෙරිණි



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff