The Director General of the Sri Lanka Coast Guard (SLCG), Rear Admiral Rohan Joseph, paid a courtesy call on the Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), at his office today (27 March), marking his first official meeting with the Deputy Minister.
During the discussion, the SLCG Director General briefed the Deputy Minister on the current role and responsibilities of the Sri Lanka Coast Guard, with particular emphasis on its coordination mechanisms with other law enforcement agencies in ensuring maritime safety and security.
The discussion also focused on proposed awareness programmes aimed at enhancing lifesaving knowledge among schoolchildren and youth. These initiatives are expected to strengthen public awareness of maritime safety and emergency response.
In addition, it was proposed to further enhance defence cooperation among relevant stakeholders, reinforcing collaborative efforts in addressing emerging security challenges.
Courtesy : www.defence.lk
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් අද (මාර්තු 27) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මුණගැසුණේය. මෙය රියර් අද්මිරාල් ජෝසප්, වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස පත්වීම් ලැබීමෙන් පසු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව විය.
එහිදී, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ වත්මන් භූමිකාව සහ වගකීම් පිළිබඳවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතන සමඟ පවතින සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර ජීවිතාරක්‍ෂක දැනුම ඉහළ නැංවීම සඳහා යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම මුලපිරීම් මඟින් සමුද්‍රීය ආරක්‍ෂාව සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ මහජන දැනුවත්භාවය ශක්තිමත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
මීට අමතරව, නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීමේදී ඒකාබද්ධ ප්‍රයත්නයන් ශක්තිමත් කරමින්, අදාළ පාර්ශවකරුවන් අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට ද මෙහිදී යෝජනා විය.
උපුටා ගැනීම : www.defence.lk
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff