Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

MASTER CHIEF PETTY OFFICER KNP KUMARA APPOINTED AS THE MASTER CHIEF PETTY OFFICER OF THE SRI LANKA COAST GUARD

Master Chief Petty Officer KNP Kumara was appointed as the Master Chief Petty Officer of the Sri Lanka Coast Guard (MCPOCG). The Director General of the Sri Lanka Coast, Rear Admiral Rohan Joseph congratulated the senior sailor and presented the arm band and baton to MCPO KNP Kumara at the Coast Guard Headquarters, today (09th April 2026).

The MCPOCG is primarily responsible for reporting matters pertaining to administration, welfare and training of Coast Guard sailors. He will also represent Coast Guard sailors at official ceremonies of the Coast Guard.

All Head of Departments, officers, senior and junior Coast Guard personnel were also present at the occasion.


පළමු වෙරළ ආරක්‍ෂක පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑන්පී කුමාර පත් කෙරේ

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පළමු වෙරළ ආරක්‍ෂක පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF COAST GUARD - MCPOCG) ලෙස, පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑන්පී කුමාර යන ජ්‍යේෂ්ඨ වෙරළ ආරක්‍ෂක පුද්ගලයා 2026 අප්‍රේල් මස 09 වන දින පත් කෙරුණු අතර, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් විසින් එම තනතුරට අදාල පත්වීම් ලිපිය, අත් පළඳනාව සහ යෂ්ඨිය වෙරළ ආරක්‍ෂක පාලක ප්‍රධාන සුළු නිලධාරි කේඑන්පී කුමාර වෙත පිරිනමා, ඔහු වෙත සුභාශිංසන පිරිනැමීම මිරිස්ස, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සිදු කෙරිණි.

වෙරළ ආරක්‍ෂක පාලක ප්‍රධාන සුළු නිලධාරි හට නිසි මඟින් අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එමඟින් දෙපාර්තමේන්තුව තුල සිටින කණිෂ්ඨතම වෙරළ ආරක්‍ෂක පුද්ගලයාගේ සිට ජ්‍යෙෂ්ඨතම නිලධාරියා දක්වා පවතින සන්නිවේදන සම්බන්ධතා පරතරය අවම කිරීම මඟින් ආයතනයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

තවද, මෙම අවස්ථාව සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගී වී සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff