Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

INDIAN GOVERNMENT DONATES 02 PERSONAL WATER CRAFT TO SRI LANKA COAST GUARD

The Indian Government donated two Personal Water Craft to assist the lifesaving rescue operations conducted by the lifesavers of the Sri Lanka Coast Guard at a ceremony held at Coast Guard headquarters, Mirissa today (26th April 2026).

The Defence Adviser of the Indian High Commission in Sri Lanka, Captain Anand Mukundan, officially handed over the items to the Director Operations of the Sri Lanka Coast Guard, Captain Dinesh Kariyawasam, in the presence of Rear Admiral Rohan Joseph the Director General of the Sri Lanka Coast Guard.

This donation marked a significant gesture towards further strengthening the bilateral cooperation between the two countries.

Senior officers from the Coast Guard Headquarters, sailors and lifesavers were also present on this occasion.

Since, its establishment in 2010, the Coast Guard lifesavers have successfully rescued 2625 lives, including 1218 foreign nationals as of 26th April 2026.


ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත JET-SKI ජල යාත්‍රා දෙකක් පරිත්‍යාග කරයි

ඉන්දිය ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීයානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කරන ලද Jet Ski ජල යාත්‍රා දෙකක් නිල වශයෙන් භාරදීමේ උත්සවය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් ගේ ප්‍රධානත්වයෙන් අද (2026 අප්‍රේල් 26) දින මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවති අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන කපිතාන් Anand Mukundan මහතා විසින් එම යාත්‍රා දෙක වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මෙහෙයුම්, කපිතාන් දිනේෂ් කාරියවසම් වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් සහ ජීවිතාරක්‍ෂක පුද්ගලයන් සහභාගී වී සිටියහ.

එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 2026 අප්‍රේල් මස 26 වන දින දක්වා ජිවිත 2625ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1218ක් විදේශිකයන් වේ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff