Based on information received by the Coast Guard, a special operation was conducted off the Ulhitiyawa sea area in Wennappuwa. During the operation, the Sri Lanka Coast Guard (SLCG) recovered 432 kilograms of Kendu leaves on 29th April 2026.
In another operation conducted on the same day in the Rathmalyaya area of Puttalam, in coordination with the Sri Lanka Navy and the Divisional Crime Detective Bureau, Puttalam, the Coast Guard arrested a suspect along with 994.15 kg of illegally smuggled dried turmeric, concealed in 25 bags.
The seized stock of Kendu leaves was handed over to the Wennappuwa and Chilaw Police for further legal action and the arrested suspect, along with the stock of dried turmeric, was handed over to the Puttalam Police for further legal proceedings.
ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරු අනුව 2026 අප්රේල් මස 29 වන දින සිදුකල විශේෂ මෙහෙයුම් හමුවේ නීති විරෝධි ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහකර අතහැර දමා තිබු උර එකොළහක් (11) තුල අසුරන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් 432 ක තොගයක් වෙන්නප්පුව, උල්හිටියාව ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, එදිනම ශ්රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව පුත්තලම, රත්මල්යාය ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද බවට සැක කෙරෙන උර 25ක අසුරන ලද වියළි කහ කිලෝ ග්රෑම් 994 ග්රෑම් 150ක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බීඩී කොළ තොගය නීතීමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය සහ හලාවත පොලීසිය වෙත මෙන්ම වියළි කහ තොගය පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff