The Director General of the Sri Lanka Coast Guard (SLCG), Rear Admiral Rohan Joseph, awarded letters of appreciation to Coast Guard personnel who actively contributed to the rescue operations during Cyclone ‘DITWAH’, on 08th May 2026.
The event was held at the Coast Guard Headquarters in Mirissa in parallel with the Sri Lanka Navy’s main event, and was attended by the Deputy Director General, Heads of Departments, senior and junior officers, and Coast Guard personnel.
2025 වර්ෂයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි අසීරු තත්ත්වය හමුවේ, විපතටපත් ජනතාව ඉන් ගලවාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා දැඩි කැපවීමෙන්, අභියෝගාත්මක සහ අවදානම් සහිත තත්වයන් යටතේ වුවද, වෘත්තීය වගකීම නිසි පරිදි ඉටුකරමින් එම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ මනා කැපවීම සහ වෘත්තිමය නිපුණත්වය අගයකිරීම සඳහා එයට දායක වූ වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් හට සහභාගීත්වය ඇගයීමේ ලිපි ප්‍රධානය 2026 මැයි මස 08 වන දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ්ගේ ප්‍රධානත්වයෙන් මිරිස්ස, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගී වී සිටියහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff