Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD OPERATIONS NET NARCOTICS PRESCRIPTION DRUGS AND ILLICIT GOODS VALUED OVER RS. 55 MN IN 2026

In line with the "A Nation United" initiative, aimed at safeguarding future generations from the threat of narcotics, the Sri Lanka Coast Guard has intensified drug interdiction operations across the island. These efforts are carried out through a collaborative approach involving local and foreign maritime stakeholders as well as law enforcement agencies.

Accordingly, Coast Guard operations conducted during last few months of the year 2026, led to the seizure of substantial quantities of heroin, ice, hashish, kush foreign and local cannabis, illegal medicinal capsules, foreign cigarettes, and Kendu leaves, with an estimated street value exceeding Rs. 55 million, and arrested 62 local suspects connection with above drug trade.

Further, Coast Guard seized over 994 kilograms of illegally imported dried turmeric, 4,587 liters of Goda, 57 kilograms of turtle flesh and eggs, 1,070 kilograms of illegal shark flesh, dried fish and large stock of illegally smuggled banned agrochemicals.

While making a significant contribution to the safeguarding of national security, the Sri Lanka Coast Guard will continue to support the National Mission against narcotics, implemented under the instructions and guidance of the Ministry of Defence.

All suspects and seized items were subsequently handed over to relevant law enforcement authorities for further investigations and legal action.


2026 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 55 කට අධික දල විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය මත්පෙති සහ නීති විරෝධී ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 62ක් නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ත්‍රිවු කර ඇති අතර, ඒ යටතේ 2026 වර්ෂයේ ගෙවීගිය මාස කීහිපය තුලදී සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 55 කට අධික දල විථි වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, කුෂ්, විදේශීය හා දේශීය ගංජා, මත්පෙති, විදේශීය දුම්වැටි සහ බීඩි කොළ විශාල තොගයක් සමඟ දේශීය සැකකරුවන් 62දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එමෙන්ම, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝග්‍රෑම් 994, දේශීයව නිශ්පාදනය කරන ලද ගෝඩා ලීටර් 4587, කැස්බෑ මස් කිලෝග්‍රෑම් 57, නීති විරෝධී මෝර කරවළ කිලෝ ග්‍රෑම් 1070 කට අධික තොගයක් 2026 වර්ෂයේ දී වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

තවද, මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය රට තුලට රැගෙන ඒම මෙන්ම නීති විරෝධී ක්‍රියාකරකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව තව දුරටත් දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, ජාතික ආරක්‍ෂාව සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වය ලබා දීමට සමඟාමීව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය ලබා දීම සිදු කරනු ලබයි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff