The Sri Lanka Coast Guard (SLCG) rescued seventeen (17) local and foreign tourists from drowning during lifesaving operations conducted across various coastal regions of the island in the month May 2026.
The SLCG lifesavers were able to rescue thirteen (13) foreign nationals and four (04) local tourists from drowning and the rescued individuals comprised of male/ female nationals from France, Germany, India, Russia, Kuwait and Netherlands aged between 12 and 57 years.
Since, its establishment in 2010, the Coast Guard lifesavers have rescued 2,646 lives, including 1,234 foreign nationals as of 31st May 2026.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2026 මැයි මාසය තුල සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් වෙරළ කලාපයේ දිය නෑමට ගොස් දියේ ගිලීමට ලක්වීමෙන් අනතුරට පත් දෙස් විදෙස් සංචාරකයින් දහහත් දෙනෙකුගේ (17) ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
ඒ අනුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක මුරකුටි 16ක් පවත්වාගෙන යමින් සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් විදේශීය සංචාරකයින් දහතුන් දෙනෙකු (13) සහ දේශිය සංචාරකයින් හතර දෙනෙකුගේ (04) ගේ ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙසේ බේරා ගන්නා ලද සංචාරකයින් වයස අවුරුදු 12 ත් 57 ත් අතර වයසේ පසුවන ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව, කුවේට් සහ නෙදර්ලන්ත යන රටවල පුද්ගලයන් වේ.
එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 2026 මැයි 31 වන දින දක්වා ජිවිත 2646 ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1,234 ක් විදේශිකයන් වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff