A ceremony to pay tribute to Rear Admiral Daya Dharmapriya (Retd), the first Director General of the Sri Lanka Coast Guard, was held at the Coast Guard Headquarters today (06th June 2026).
The event was held to appreciate the invaluable service of Rear Admiral Daya Dharmapriya (Retd), the founding Director General of the Sri Lanka Coast Guard. Drawing upon his extensive experience and forward thinking leadership, he laid the foundational framework for the establishment of the Sri Lanka Coast Guard. His vision and strategic guidance continue to shape the Department’s growth, development, and modernization.
Rear Admiral Daya Dharmapriya (Retd) and his spouse were warmly welcomed by the present Director General of the Coast Guard, Rear Admiral Rohan Joseph, upon their arrival. The ensuing ceremony commended his leadership, dedication, and outstanding contribution during his tenure as the founding Director General of the Sri Lanka Coast Guard. He was also honoured with the privilege of declaring open the Leadership and Management Unit at Coast Guard Headquarters, a step in towards strengthening the educational resources of the Sri Lanka Coast Guard
Furthermore, commemorative gifts were presented to Rear Admiral Daya Dharmapriya (Retd) and his spouse on this occasion. The event was attended by the Deputy Director General of the Coast Guard, Commodore Prasad Jayasinghe, along with Head of Departments, officers, and Coast Guard personnel.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ගොඩනැගීම සඳහා ඉටු කළ අමිල මෙහෙවර හා සුවිශේෂී දායකත්වය අගයමින්, එහි පළමු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී ඉටු කළ විශ්‍රාමික රියර් අද්මිරාල් දයා ධර්මප්‍රිය වෙත උපහාර පිදීමේ උත්සවයක් මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී අද (2026 ජුනි 06) දින සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සහභාගී වූ විශ්‍රාමික රියර් අද්මිරාල් දයා ධර්මප්‍රිය සහ එම මැතිණිය, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව පැවති උත්සවයේදී, 2010 මාර්තු 04 වන දින ගාලු වරායේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අද දක්වා පැමිණ ඇති සාඩම්බර ගමන්මග තුළ රියර් අද්මිරාල් ධර්මප්‍රිය මහතා විසින් ලබාදුන් නායකත්වය, කැපවීම සහ දෙපාර්තමේන්තුවේ ස්ථාපනය හා සංවර්ධනය උදෙසා ඉටු කළ අමිල සේවය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි. තවද, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද නායකත්ව හා කළමනාකරණ පුහුණු ඒකකය නිල වශයෙන් විවෘත කිරීම ද විශ්‍රාමික රියර් අද්මිරාල් දයා ධර්මප්‍රිය මහතාගේ සුරතින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කොමදෝරු ප්‍රසාද් ජයසිංහ ඇතුළු සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නිලධාරීන් සහ වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් රැසක් සහභාගී වි සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රියර් අද්මිරාල් දයා ධර්මප්‍රිය සහ එම මැතිණිය වෙත සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff