Demonstrating its unwavering commitment to protecting marine and coastal ecosystems, and as part of its ongoing Blue Green Domain initiative, the Sri Lanka Coast Guard conducted a series of impactful environmental programmes in collaboration with several local stakeholders to mark World Environment Day 2026.
Aimed at promoting the sustainable preservation of oceans and coastal areas, the Sri Lanka Coast Guard initiated planting of over 1,600 Mangrove and Mudilla saplings at several locations around the island.
Accordingly, the Sri Lanka Coast Guard, in collaboration with the Department of Coast Conservation and Coastal Resource Management, planted 300 mangrove saplings in the Cod Bay Fishery Harbour area and the adjoining lagoon ecosystems of Valaichchenai and Sampalthivu in the Eastern Province.
In the Northern Province, 400 Mangrove saplings were planted in the Ponnalai area.
Additionally, 480 Mudilla saplings were planted in Hambantota, Nilwella, Mirissa, Galle, Hikkaduwa, and Balapitiya in the Southern Province.
Further, strengthening these conservation efforts an additional 500 Mudilla saplings were planted along the coastal stretches of Panadura, Waskaduwa, Modara, and Wellawatte in the Western Province in coordination with INSEE cement.
Furthermore, under the Blue Green Domain initiative, the Sri Lanka Coast Guard aims to plant 10,000 environmentally beneficial saplings along the island's coastal belt by the end of 2026.සාගරය සහ වෙරළ කලාපයේ තිරසාර ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නීල හරිත සංග්‍රාමය’ පුළුල් මාවතකට ගෙනයමින් 2026 ජුනි මස 05 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව දේශීය පාර්ශව කරුවන් රැසක් සමඟ අත්වැල් බැඳගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි කඩොලාන සහ මුදිල්ලා ශාක 1680ක් රෝපණ කිරීමට කටයුතු කරනු ලදි.
ඒ අනුව වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව නැගෙනහිර පළාතේ කොඩ්බේ (Cod Bay) ධීවර වරාය ආශ්‍රිතව, වාලච්චේන සහ සාම්බල්තිවු කලපු ප්‍රදේශයන් ආවරණය කරමින් කඩොලාන පැළ 300ක්, උතුරු පළාතේ පොන්නාලේ (Ponnalai) ප්‍රදේශයේ කඩොලාන පැළ 400ක්, දකුණූ පළාතේ හම්බන්තොට, නිල්වැල්ල, මිරිස්ස, ගාල්ල, හික්කඩුව සහ බලපිටිය ප්‍රදේශ ආවරණය වන පරිදි මූදිල්ලා පැළ 480ක් සහ ‘INSEE’ සිමෙන්ති සමාගමේ සහයද ඇතිව බස්නාහිර පළාතේ පානදුර, වස්කඩුව, මෝදර සහ වැල්වත්ත වෙරළතීරයන් ආවරණය වන පරිදි මූදිල්ලා පැළ 500ක් රෝපණය කිරීමට සමත්විය.
තවද, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නීල හරිත සංග්‍රාම වැඩසටහන යටතේ 2026 වර්ෂය අවසන් වීමට පෙර දිවයිනේ වෙරළ කලාපයන් ආවරණය වන පරිදි පරිසර හිතකාමී ශාක 10,000 ක් රෝපණය කිරිම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff