Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD CONDUCTS DENGUE PREVENTION PROGRAMME.

The Sri Lanka Coast Guard, in coordination with other stakeholders, conducted a cleaning programme to curb the spread of dengue, a serious viral disease transmitted by the Aedes aegypti and Aedes albopictus mosquito species, which is rapidly spreading across Sri Lanka. As part of this initiative, the Sri Lanka Coast Guard, together with officers from the Medical Officer of Health (MOH) Office, Weligama, and other stakeholders, conducted a special dengue prevention programme in the Udupila area of Mirissa on 10th June 2026.

Furthermore, a number of activities were carried out covering the Mirissa area which accommodates a large number of foreigners. These activities included identifying and eliminating potential mosquito breeding grounds, collecting and disposing of discarded items that could accumulate water, cleaning blocked drainage systems in the area, and conducted awareness programmes for local residents and hotel owners on dengue prevention and control measures.

In addition, personnel from the Sri Lanka Army, Sri Lanka Police, the Civil Security Department, Public Health Inspectors serving in the Weligama area, and local residents actively participated in this programme.


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පාර්ශවකරුවන් රැසක් සමඟ එක්ව ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අත්වැල් බැඳගනී.

ශ්‍රී ලංකාවේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන Aedes aegypti සහ Aedes albopictus යන මදුරු විශේෂ දෙක මඟින් බෝවන භයානක වෛරස් රෝගයක් වන ඩෙංගු ව්‍යාප්තිය වැලැක්විම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වැලිගම මදුරු මර්ධන ඒකකයේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව විශේෂ වැඩසටහනක් 2026 ජුනි මස 10 වන දින මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ දී ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, මෙහිදී විදේශිකයන් බහුලව නවාතැන් ගෙන සිටින මිරිස්ස, උඩුපිල ප්‍රදේශය ආවරණය වන පරිදි ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, ජලය එකතු විය හැකි ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කර විනාශ කර දැමීම, ප්‍රදේශයේ අවහිර වී ඇති කාණු පද්ධති පරිසිඳු කිරීම, ප්‍රදේශයේ ජනතාව සහ සංචාරක නිකේතන හිමිකරුවන් දැනුවත් කිරීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.

තවද, මෙම වැඩසටහන සඳහා මාතර ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, වැලිගම ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක බලකා නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් සහ ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff