Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

DIRECTOR GENERAL PAYS COURTESY CALL ON THE DIRECTOR GENERAL OF KENYA COAST GUARD SERVICE

The Director General Sri Lanka Coast Guard Rear Admiral Rohan Joseph paid a courtesy call on the Kenya Coast Guard Service Director General Bruno I Shioso, EBS, OGW during a visit to attend the 4th IORIS Steering Committee High Level Meeting held in Mombasa, Kenya on 11th June 2026.

The importance of expanding relationship between the two organizations were discussed including mutual capacity building measures in areas such as oil spill response, water safety, information sharing and other matters of mutual interest.

Mementoes were also exchanged marking the occasion.


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ කෙන්යා වෙරළ ආරක්‍ෂක සේවයේ ප්‍රධානී අතර නිල හමුවක්

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ සිව්වන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම (4th Indo - Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting) 2026 ජුනි මස 09 වන දින සිට ජුනි මස 11වන දින දක්වා කෙන්යාවේ Mombasa නගරයේදී සාර්ථකව පැවැත්වීමට කෙන්යා වෙරළාරක්‍ෂක සේවය සහ යුරෝපා සංගමයට අයත් CRIMARIO ආයතනය එක්ව කටයුතු කරන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම කමිටු රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහ කෙන්යා වෙරළාරක්‍ෂක සේවයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් Bruno I Shioso, EBS, OGW අතර හදිසි තෙල් විසිරුම් කළමනාකරණය, මුහුදේදී ජීවිත ආරක්‍ෂාව ඇතුළු දෙරටේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ ද්විපාර්ශ්වික නිල සාකච්ඡාවක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff