The Sri Lanka Coast Guard life savers rescued five (05) locals from drowning during lifesaving operations conducted at Mt.lavinia yesterday (28th June 2026).
The rescued individuals (aged 18 years) were from Nawala, Koswaththa and Rajagiriya areas.
Since, 2010 the Coast Guard lifesavers have rescued 2,654 lives, including 1,237 foreign nationals as of 28thJune 2026.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2026 ජුනි මස 28 වන දින සවස ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලීමට ලක්වීමෙන් අනතුරට පත්ව සිටි ශ්‍රී ලාංකික තරුණයන් පස් දෙනකුගේ (05) ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
ඒ අනුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක මුරකුටි 16ක් පවත්වාගෙන යමින් ජිවිතාරක්‍ෂක මෙහෙයුම් සිදුකරමින් සිටින අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් වයස අවුරුදු 18 හි පසුවන නාවල, කොස්වත්ත සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචි තරුණයන් 05 දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 2026 ජුනි මස 28 වන දින දක්වා ජිවිත 2654 ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1,237 ක් විදේශිකයන් වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff