Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SWIMMING, WATER SAFETY AND SURVIVAL TRAINING CONDUCTED FOR ARMY, AIR FORCE AND DISASTER MANAGEMENT PERSONNEL

The Sri Lanka Coast Guard (SLCG) successfully conducted a Swimming, Water Safety and Survival Training Programme for personnel of the Sri Lanka Army, Air Force, and the Disaster Management Centre at the Coast Guard Lifesaving Training School, Balapitiya, from 30th June to 05th July 2026.

The programme was designed to enhance participants' knowledge and practical skills in swimming techniques, water safety, and survival during water related emergencies, thereby strengthening their ability to respond effectively and safely in operational, disaster response, and humanitarian assistance situations.

Fourteen (14) personnel representing the Sri Lanka Army, Sri Lanka Air Force, and the Disaster Management Centre participated in the training programme.


යුධ ගුවන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් සඳහා ජලයේ පිහිනීම ආරක්ෂාව සහ දිවි ගලවා සම්බන්ධ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් යුධ, ගුවන් හමුදා සාමාජිකයන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් නිලධාරීන් වෙනුවෙන් ජලයේ පිහිනුම් ක්‍රමවේද ආරක්‍ෂා වීම සහ අනතුරකදී දිවි ගලවා ගැනීම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් 2026 ජූනි 30 සිට ජූලි 05 වන දින දක්වා බළපිටිය ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂක පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ සෙවීමේ හා මුදාගැනීමේ, ආපදා ප්‍රතිචාර දැක්වීමේ සහ මානුෂීය සහන මෙහෙයුම්වලදී සාගරය මෙන්ම රට අභ්‍යන්තර ජල මූලාශ්‍ර ආශ්‍රිතව සහන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂිත, කාර්යක්ෂම සහ විධිමත් අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීමත්, ජීවිතාරක්ෂාව තහවුරු කරමින් කාර්යක්ෂමව රාජකාරි ඉටු කිරීමේ හැකියාව ඉහළ නැංවීමත්ය.

තවද, මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුධ, ගුවන් හමුදා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් දාහතර (14) දෙනෙකු සහභාගි විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff