Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

COAST GUARD SAVES 08 INDIVIDUALS FROM DROWNING IN JUNE

The Sri Lanka Coast Guard (SLCG) rescued eight (08) local and foreign tourists from drowning during lifesaving operations conducted across various coastal regions of the island in the month June 2026.

The SLCG lifesavers were able to rescue two(02) foreign nationals and six (06) local tourists from drowning. The rescued individuals comprised of male/ female nationals from the U.K and UAE aged 29 and 35 years.

Since, its establishment in 2010, the Coast Guard lifesavers have rescued 2,654 lives, including 1,237 foreign nationals as of 30th June 2026.


මුහුදේ ගිළි අහිමි විමට ගිය ජීවිත 08 ක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් බේරා ගනී

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2026 ජුනි මාසය තුල සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් වෙරළ කලාපයේ දිය නෑමට ගොස් දියේ ගිලීමට ලක්වීමෙන් අනතුරට පත් දෙස් විදෙස් සංචාරකයින් අට දෙනෙකුගේ (08) ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

ඒ අනුව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක මුරකුටි 16ක් පවත්වාගෙන යමින් සිදුකල ජිවිතාරක්‍ෂක මෙහෙයුම් මඟින් විදේශීය සංචාරකයින් දෙදෙනෙකු (02) සහ දේශිය සංචාරකයින් හය දෙනෙකුගේ (06) ගේ ජිවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙසේ බේරා ගන්නා ලද සංචාරකයින් වයස අවුරුදු 29 සහ 35 වයසේ පසුවන එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල පුද්ගලයන් වේ.

එමෙන්ම 2010 වර්ෂයේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 2026 ජුනි 30 වන දින දක්වා ජිවිත 2654 ක ප්‍රමාණයක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර, ඉන් 1,237 ක් විදේශිකයන් වේ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff