The Sri Lanka Coast Guard successfully conducted a three day training programme for fifteen (15) Assistant Customs Preventive Officers at the Coast Guard Headquarters Mirissa from 03rd to 05th July 2026.
The training programme was designed to enhance their professional skills and operational effectiveness by imparting them with practical skills and experience required to perform their duties. The programme covered subjects such as; leadership and management, physical training, drill training, sidearm handling, dining and bar etiquettes, as well as basic vessel boarding procedures.
The Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Rohan Joseph, complemented the Customs Officers for their successful completion of the training programme at the closing ceremony. The Deputy Director General, Head of Departments and officers at Coast Guard Headquarters were also present on the occasion.
වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු නිවාරණ නිලධාරීන් පහළොස් (15) දෙනෙකු වෙනුවෙන් පළමු වරට සංවිධානය කරන ලද දින තුනක පුහුණු වැඩසටහන 2026 ජූලි මස 03 සිට 05 දක්වා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හට තම පුහුණුව තුළින් ලබාගත් දැනුම, ප්‍රායෝගික කුසලතා සහ අත්දැකීම් ඔවුන්ගේ වෘත්තීය කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා, මෙහෙයුම් රාජකාරි වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සූදානම් කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහාා නායකත්වය හා කළමනාකරණය, ශාරීරික අභ්‍යාස, සරඹ පුහුණුව, පැති අවි හැසිරවීම, භෝජනයේදී හා මත්පැන් භාවිතයේදී පිළිපැදියයුතු ආචාරධර්ම මෙන්ම යාත්‍රාවලට ගොඩවීම් පිළිබඳ මූලික ක්‍රියාපටිපාටි සම්බන්ධ විෂය කරුණු ඇතුළත් විය.
තවද, දින තුනක් පුරා පැවති මෙම පුහුණු වැඩමුලුවේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් සහභාගී වූ අතර, එහිදී රේගු නිලධාරීන් අමතමින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සමුද්‍රීය අවශ්‍යතා හා ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අතර පවතින සමීප සහයෝගීතාව, වෘත්තීයභාවය සහ මනා විනයෙහි ඇති වැදගත්කම අවධාරණය කළේය.
එමෙන්ම සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදොරු ප්‍රසාද් ජයසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
<Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff