Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SEVEN FISHERMEN ARRESTED WITH OVER 4800 KILOGRAMS OF ILLEGAL SHARK FISH

Sri Lanka Coast Guard personnel arrested seven fishermen along with 4847kg of illegally harvested shark fish (Alopias Vulpinus and Carcharhinus Longimanus) in violation of the provisions stipulated in Extraordinary Gazette No.1938/2 dated 26th October 2015, concealed in a multi-day fishing vessel at Dikovita Fisheries harbour, on 07th July 2026.

The fishermen along with the seized consignment of shark fish and fishing vessel were handed over to the Fisheries Inspector’s office, Dikovita for legal proceedings.


නීති විරෝධි මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4800 කට අධික තොගයක් සමඟ ධීවරයින් හත් (07) දෙනෙකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2026 ජුලි මස 07) දින උදෑසන දික්ඕවිට ධීවර වරායේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී වර්ෂ 2015 ඔක්තොබර් මස 26 වන දිනැති අංක 1938/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විධි විධාන උල්ලංඝනය කරමින් අල්ලන ලද මෝර මසුන් (Alopias Vulpinus and Carcharhinus Longimanus) කිලෝ ග්‍රෑම් 4847 ක ප්‍රමාණයක් සහ ධීවරයන් හත් (07) දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ගොඩබිමට රැ‍‍ගෙන ඒමේදී එම ධීවර යාත්‍රාව සමඟ මෝර මසුන් ‍තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත් අඩංගුවට ගත් ධීවරයන්, මෝර මත්ස්‍ය ‍තොගය සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff