During operations carried out to prevent illegal fishing activates, the Coast Guard arrested 23 individuals and seized over 3,900 Kg of illegally harvested Shark fish, 33 Kg of Thambuwa fish, 57 Kg of Turtle meat, 194 Lobsters, 646 Turtle eggs, and a large consignment of conch shells during first six months of 2026.
These operations were carried out in the coastal and sea areas of Kirinda, Wennappuwa, Chilaw, Beruwala, Balapitiya, and Dondra.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2026 වසරේ මුල් මාස 06 තුල දේශිය ජල තීරය ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මඟින් නීති විරෝධී ක්‍රම භාවිතයෙන් සහ ඇල්ලීම නීතියෙන් තහනම් කරන ලද මත්‍යසයන් සහ මුහුදු ජීවීන් විශාල තොගයක් සමඟ පුද්ගලයින් විසි තුන් (23) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
ඒ අනුව කිරින්ද, බලපිටිය, දෙවුන්දර, බේරුවල, වෙන්නප්පුව සහ හලාවත යන ප්‍රදේශ ආවරණය වන පරිදි දියත්කල මෙහෙයුම් මඟින් මෝර මසුන් කිලෝ ග්‍රෑම් 3900 ට අධික ප්‍රමාණයක්, තඹුවා මසුන් කිලෝ ග්‍රෑම් 33 ක්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 57 කට අධික ප්‍රමාණයක් පොකිරිස්සන් 194 ක්, කැස්බෑ බිත්තර 646 ක් සහ හක්බෙල්ලන් විශාල තොගයක් සමඟ පුද්ගලයින් 23 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff