World Drowning Prevention Day is marked annually on 25th July to raise awareness on drowning as a preventable cause of death and to promote measures that reduce drowning-related fatalities. The global theme for year 2026 is "Unite to Turn the Tide." In line with this year's observance, the Sri Lanka Coast Guard has planned to conduct a series of public awareness programmes and lifesaving training aimed at raising public awareness of drowning prevention and promoting lifesaving skills within the communities.
Further, since its establishment in 2012, the Sri Lanka Coast Guard Lifesaving Training School at Balapitiya, has conducted a Wide range of lifesaving training programmes, including the Basic, Intermediate, Bronze Medallion, Silver Medallion, Lifesaving Instructor and Pool Lifeguard Course and successfully trained nearly 5,000 life guards including foreign, local armed forces personnel, university students, other government department officials, school children and general public.
Furthermore, the Sri Lanka Coast Guard has established 16 lifesaving posts around the island and deployed trained lifeguards to conduct continuous rescue operations. Through these lifesaving operations, the Sri Lanka Coast Guard has successfully rescued more than 2,650 persons from drowning incidents, of whom over 1,200 were foreign nationals.
ලොව පුරා දියේ ගිලීම් වැළැක්වීමේ දිනය 2026 ජූලි මස 25 වන දිනට යෙදී ඇති අතර, එම දිනයට සමගාමීව දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ ජීවිතාරක්ෂක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රජාව දැනුවත් කිරීමේ මෙන්ම ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තවද, 2012 වර්ෂයේ සිට බළපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්ෂක පුහුණු පාසල මගින් ජීවිතාරක්‍ෂක මූලික පුහුණු පාඨමාලාව, අතර මැදි, ලෝකඩ, රිදී පදක්කම් මෙන්ම ජීවිතාරක්‍ෂක උපදේශක සහ තටාක පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එමඟින් ජීවිතාරක්‍ෂක පුද්ගලයින් 5000 ට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට පුහුණු කර ඇත. ඒ සඳහා විදේශිය ආරක්‍ෂක හමුදා, දේශිය ආරක්ෂක අංශ සාමාජිකයින්, විශ්වවිද්‍යාල සිසුන්, අනෙකුත් දෙපාර්තමේන්තු සාමාජිකයන්, පාසල් සිසුන් සහ සිවිල් පුද්ගලයින් අයත් වේ.
එමෙන්ම, වෙරළආරක්‍ෂක දෙපරේතමේන්තුව විසින් ජීවිතාරක්‍ෂක මුරකුටි 16ක් දිවයින වටා ස්ථාපිත කොට ජීවිතාරක්‍ෂක පුද්ගලයින් ඒ සඳහා අනුයුක්ත කර ඇත. එමඟින් දියේ ගිලී අනතුරට පත්වීමට ගිය ජීවිත 2650 ට අධික ප්‍රමාණයක් බේරා ගැනීමට සමත්වී ඇති අතර, එයින් 1200 ට අධික ප්‍රමාණයක් විදේශිකයන් වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff