Sri Lanka Coast Guard personnel arrested four fishermen along with 223.94kg of illegally harvested thresher shark fish and fins (Alopias Vulpinus) in violation of the provisions stipulated in Extraordinary Gazette No.1938/2 dated 26th October 2015, concealed in a multi-day fishing vessel at Suduwella Fisheries harbour, on 05th August 2026.
The fishermen along with the seized consignment of shark fish and fishing vessel were handed over to the Fisheries Inspector’s office, Suduwella for legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2026 අගෝස්තු මස 05) දින දහවල් සුදුවැල්ල ධීවර වරායේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී වර්ෂ 2015 ඔක්තොබර් මස 26 වන දිනැති අංක 1938/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විධි විධාන උල්ලංඝනය කරමින් අල්ලන ලද කස මෝර මසුන් සහ මෝර වරල් (Alopias Vulpinus) කිලෝ ග්‍රෑම් 223.94 ක ප්‍රමාණයක් සහ ධීවරයන් හතර (04) දෙනෙකු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ගොඩබිමට රැගෙන ඒමෙන් පසුව එම ධීවර යාත්‍රාව සමඟ මෝර මසුන් සහ මෝර වරල් තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, අත් අඩංගුවට ගත් ධීවරයන්, මෝර මත්ස්‍ය තොගය සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා සුදුවැල්ල ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff