Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD CONTRIBUTES TO ‘ATHTHAMA’ NATIONAL CLEANLINESS PROGRAMME

The Sri Lanka Coast Guard actively participated in the ‘Aththama’ National Cleanliness Programme conducted on 8th August 2026, under the ‘Clean Sri Lanka’ national initiative, contributing to the national effort towards a cleaner and greener Sri Lanka.

Cleaning activities were conducted across Malimbada, Thihagoda, Devinuwara, Kekanadura, Weligama, Dehiwala, Thimbirigasyaya and Lunawa Divisional Secretariat Divisions, with the participation of Coast Guard personnel and local communities. The programmes included cleaning schools, beaches, children’s parks, playgrounds and roadside areas.

Personnel and officials from the Sri Lanka Army, Navy, Police, Civil Security Department, Divisional Secretariat Offices and Municipal Councils, along with local communities participated in the programme.

Through this initiative, the SLCG reaffirmed its commitment to environmental protection, community participation and responsible waste management, supporting the vision of a cleaner and greener Sri Lanka.


‘අත්තම’ ජාතික පවිත්‍රතා දිනයේ වැඩසටහනට සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ 2026 අගෝස්තු මස 08 වන දින පැවති ‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩසටහනට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක වූ අතර, පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වූ ජාතික ප්‍රයත්නයට සිය දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන යටතේ මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර, කැකණදුර, වැලිගම, දෙහිවල, තිඹිරිගස්යාය සහ ලුනාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි, වෙරළාරක්ෂක සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී පාසල්, වෙරළ තීරයන්, ළමා උද්‍යාන, ක්‍රීඩා පිටි සහ මාර්ග දෙපස පිරිසිදු කිරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මහ නගර සභා නිලධාරීන් හා සාමාජිකයින්ද ප්‍රදේශවාසී ජනතාව සමඟ සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා දායක වීම තුළින්, පරිසර සංරක්ෂණය, ප්‍රජා සහභාගීත්වය සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිය කැපවීම යළිත් තහවුරු කරයි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff