The lifesaving training programme commenced for youth in the Balapitiya area on 20th September 2026, was successfully completed at the Lifesaving Training School (LSTS), Balapitiya, on 26th September 2026.
Out of the 28 youth who joined the programme, 20 successfully completed the training and received their certificates at the certificate awarding ceremony held on 26th September 2026.
The ceremony was attended by Hon. Deputy Minister of Fisheries, Aquatic and Ocean Resources Mr. Rathna Gamage, Hon. Member of Parliament (Mrs.) Hasara Gammana Liyanage, Chairman of the Balapitiya Pradeshiya Sabha Mr. Mahawali Anuruddha and its members, as well as parents and well-wishers of the trainees.
The Director General, Deputy Director General and officers of the Sri Lanka Coast Guard, including the Officer-in-Charge of the Balapitiya Lifesaving Training School, also attended the ceremony.
බලපිටිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සඳහා 2026 සැප්තැම්බර් 20 වන දින ආරම්භ කරන ලද ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන, 2026 සැප්තැම්බර් 26 වන දින බලපිටිය ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී (LSTS) සාර්ථකව අවසන් කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ තරුණයින් 28 දෙනාගෙන් 20 දෙනෙකු සාර්ථකව පුහුණුව සම්පූර්ණ කර, 2026 සැප්තැම්බර් 26 වන දින පැවති සහතිකපත් ප්‍රදානෝත්සවයේදී සිය සහතිකපත් ලබා ගන්නා ලදී.
මෙම උත්සවය සඳහා ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හසරා ගම්මන ලියනගේ මහත්මිය, බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහාවලි අනුරුද්ධ මහතා සහ එහි මන්ත්‍රීවරුන්, එමෙන්ම පුහුණුව ලැබූ තරුණයින්ගේ දෙමාපියන් සහ සුභපතන්නන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නිලධාරීන් ද, බලපිටිය ජීවිතාරක්‍ෂක පුහුණු පාසල භාර නිලධාරීවරයා ඇතුළුව, මෙම උත්සවයට සහභාගී වූහ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff