Based on intelligence received by the Sri Lanka Coast Guard, a special operation was conducted at the ‘Ambakadawila’ area in coordination with the Sri Lanka Navy and arrested a person with over 1567 Kg of Kendu leaves and a lorry on 02Nd October 2026.
The gross street value of Kendu leaves taken into custody in this operation is believed to be over 10.9 Million.
The arrested suspect, together with the seized stock of Kendu leaves and the lorry, were handed over to the Biyagama Excise Special Operations Unit for further investigation and legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙත ලද විශේෂ තොරතුරකට අනුව 2026 ඔක්තෝම්බර් මස 02 වන දින උදෑසන කාලයේ නාවික හමුදාව සමඟ එක්ව ‘අඹකඳවිල’ ප්‍රදේශය සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොල කිලෝ ග්රෑම් 1567 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු සහ බීඩී කොල ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබු බවට සැක කෙරෙන ලොරි රථයක් වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩී කොල තොගයෙහි දළ වටිනාකම රුපියල් මිලියන 10.9 කට අධික වේ.
තවද, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු, බීඩිකොල මෙන්ම ලොරි රථය ඉදිරි විමර්ශණ සහ නීතිමය කටයුතු සඳහා බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff