Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SLCGS SURAKSHA CONDUCTS BEACH CLEANING PROGRAMME AT GALLE FACE BEACH TO MARK ITS 9TH ANNIVERSARY

Officers and personnel of Sri Lanka Coast Guard Ship (SLCGS) Suraksha conducted a beach cleaning programme at Galle Face Beach on 10th October 2026, as part of a series of activities organised to commemorate the 9th anniversary of the ship.

The programme focused on the removal of accumulated litter from the coastal area, promoting environmental awareness and emphasizing the importance of maintaining clean beaches and protecting the marine environment.

This initiative reflects the continued commitment of the Sri Lanka Coast Guard to marine environmental protection, coastal conservation and the promotion of responsible environmental practices in support of preserving Sri Lanka’s coastal and marine ecosystems.


ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක නෞකා ‘සුරක්ෂා’ නෞකාවේ 9 වන සංවත්සරය නිමිත්තෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක නෞකා ‘සුරක්ෂා’ නෞකාවේ 9 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවට සමගාමීව, එම නෞකාවේ නිලධාරීන් සහ වෙරළ ආරක්ෂක පුද්ගලයන් විසින් 2026 ඔක්තෝබර් මස 10 වන දින ගාලු මුවදොර වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී වෙරළ තීරයේ එක්රැස් වී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීම, පාරිසරික සංරක්ෂණය පිළිබඳ මහජන දැනුවත්භාවය වර්ධනය කිරීම සහ පිරිසිදු වෙරළ තීරයන් පවත්වාගෙන යාමේ හා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම, වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සහ වගකීම්සහගත පාරිසරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff