Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SRI LANKA COAST GUARD CONDUCT A TABLE TOP EXERCISE (TTX) FOCUSED ON MARITIME LAW ENFORCEMENT

The Sri Lanka Coast Guard (SLCG) conducted a Tabletop Exercise (TTX) at SLCG Headquarters, focused on Maritime Law Enforcement on 08th and 09th October 2026, bringing together officers from the Sri Lanka Navy, Sri Lanka Coast Guard, Marine Environment Protection Authority (MEPA), and Sri Lanka Customs to strengthen inter-agency coordination and enhance operational readiness in addressing maritime incidents.

The exercise was conducted by the Training Directorate utilizing specialized software developed by the SLCG Information Technology Unit to simulate real-time maritime incidents and assess participants’ responses.

The exercise covered scenarios involving Visit, Board, Search and Seizure (VBSS) operations, oil spill response and management, human trafficking, and drug trafficking, with emphasis on swift decision-making, effective inter-agency coordination, and appropriate operational responses.

The exercise also emphasized the legal aspects of maritime law enforcement, including compliance with domestic legislation and relevant international laws and conventions, such as MARPOL and UNCLOS.

All participants actively engaged in the exercise and gained valuable practical experience in incident management, operational decision making, and inter agency cooperation, further strengthening their capacity to address maritime security challenges and protect Sri Lanka’s maritime interests.


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රීය නීති බලාත්මක කිරීම පිළිබඳ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සමුද්‍රීය නීති බලාත්මක කිරීම පිළිබඳ දෙදින අභ්‍යාසයක් (Tabletop Exercise – TTX) 2026 ඔක්තෝබර් මස 08 සහ 09 යන දෙදින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේදී පවත්වන ලද අතර ඒ සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වන ලදී.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කාර්යාලය විසින් මෙහෙයවන ලද මෙම අභ්‍යාසය සඳහා එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් සංවර්ධනය කරන ලද මෘදුකාංගයක් භාවිතයෙන් තත්‍ය කාලීන සිදුවීම්වලට සමාන අවස්ථා නිර්මාණය කරන ලදී.

නෞකා පරීක්ෂා කිරීමේ මෙහෙයුම් (VBSS), තෙල් කාන්දුවීම්, මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ අවස්ථා මෙහිදී අභ්‍යාසයට ලක් කෙරුණු අතර, අදාළ දේශීය නීති සහ MARPOL හා UNCLOS වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

සියලුම සහභාගී වූ නිලධාරීන් මෙම අභ්‍යාසයට සක්‍රීයව දායක වූ අතර, සමුද්‍රීය සිදුවීම් කළමනාකරණය, මෙහෙයුම්මය තීරණ ගැනීම සහ අන්තර් ආයතනික සහයෝගීතාව පිළිබඳ වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත්හ. මෙම අභ්‍යාසය මගින් සමුද්‍රීය ආරක්ෂක අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අදාළ ආයතනවල හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff