Acting on intelligence received, personnel of the Sri Lanka Coast Guard successfully seized a large consignment of narcotics in an abundant Fiber Glass Dingy canceled in 21 bags, on 24th October 2026 at Puwakowita beach, Talalla, Matara at around 05:30 AM. During the operation few suspects fled away the scene and efforts to apprehend the suspects are continuing in coordination with the Sri Lanka Police, Sri Lanka Navy and the Police Narcotics Bureau (PNB).
This seizure represents the largest quantity of narcotics recovered from the southern coastal area in recent times. The PNB confirmed that the consignment comprised a total of 561.705 kg of illicit drugs, including 321.941 kg of heroin and 239.764 kg of ICE (crystal methamphetamine).
Several senior officials visited the location to inspect the site, including the Minister of Public Security, Ananda Wijepala; the Deputy Minister of Defence, Major General (Retd.) Aruna Jayasekara; the Commander of the Navy, Vice Admiral Damian Fernando; the Commander Southern Naval Area, Rear Admiral Sanjeewa Perera; the Director General of the Sri Lanka Coast Guard, Rear Admiral Ruwan Rupasena; and the Senior Deputy Inspector General of Police in charge of the Southern Province, Buddhika Siriwardena. During the visit, the contribution of the officers and other personnel who participated in the operation was also appreciated.
The Sri Lanka Coast Guard is actively contributing to the Government's “Ratama Ekata” initiative, launched last year. In coordination with the Sri Lanka Navy, the Sri Lanka Coast Guard continues to successfully carry out drug prevention operations and law enforcement activities in the maritime and coastal areas surrounding Sri Lanka.
ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව, 2026 ඔක්තෝබර් මස 24 වන දින පෙරවරු 05.30ට පමණ මාතර, තලල්ල, පුවක්ඕවිට වෙරළ තීරයේදී අත්හැර දැමූ ෆයිබර්ග්ලාස් ඩිංගි යාත්රාවක තිබී බෑග් 21ක අසුරන ලද විශාල මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් විය. මෙහෙයුම අතරතුර සැකකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රී ලංකා පොලිසිය, ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය (PNB) හා සම්බන්ධීකරණය වෙමින් තවදුරටත් ක්රියාත්මක වේ.
මෙම මත්ද්රව්ය තොගය මෑත කාලයේ දකුණු වෙරළ තීරයෙන් හමු වූ විශාලතම මත්ද්රව්ය ප්රමාණය වන අතර එහි හෙරොයින් කිලෝග්රෑම් 321.941ක් සහ අයිස් (ICE – Crystal Methamphetamine) කිලෝග්රෑම් 239.764 ක් ද ඇතුළුව කිලෝග්රෑම් 561.705 ක තහනම් මත්ද්රව්ය ප්රමාණයක් තිබූ බවට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය (PNB) තහවුරු කරන ලදී.
අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල, නියෝජ්ය ආරක්ෂක අමාත්ය මේජර් ජෙනරාල් (විශ්රාමික) අරුණ ජයසේකර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු, දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සංජීව පෙරේරා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන සහ දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. එහිදී, අදාළ මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන් සහ සෙසු සාමාජිකයන්ගේ දායකත්වය ඇගයීමට ද කටයුතු කෙරිණි.
රජය විසින් පසුගිය වසරේ දියත් කරන ලද "රටම එකට" ක්රියාන්විතයට ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවද සක්රීයව දායක වී සිටින අතර මත්ද්රව්ය නිවාරණය හා ශ්රී ලංකාව අවට මුහුදු තීරයත් වෙරළ කලාපයත් නීතිය බලගැන්වීම් කටයුතු ශ්රී ලංකා නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණය වී සාර්ථකව ක්රියාත්මක කරමින් පවතී.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff