Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SLCGS SURAKSHA PROUDLY CELEBRATED HER 09TH SHIP’S DAY ANNIVERSARY

SLCGS Suraksha proudly celebrated her 09th Ship’s Day Anniversary on 21st October 2026 at the Port of Colombo, marked by traditional naval customs, including the Commanding Officer’s Division and a “Badakana”

As part of the celebrations, a softball cricket tournament was held on 11th October 2026 at the Port of Colombo, with the participation of 11 teams representing various Sri Lanka Navy fleet units and Sri Lanka Coast Guard units, promoting unity, camaraderie, sportsmanship and teamwork.

Furthermore, a series of religious observances were conducted onboard and ashore to invoke blessings for the ship and her crew. These included a Bodhi Pooja at Gangaramaya Temple, Colombo, a Bana sermon and Pirith chanting ceremony onboard, prayers at St. Anthony’s Shrine, Kochchikade, and a Shramadana campaign at Sri Bodhirajaramaya Temple, Mattakuliya.

These commemorative activities collectively reflected the rich traditions, religious harmony, unity and camaraderie of SLCGS Suraksha, making the 09th Ship’s Day Anniversary a memorable occasion for the ship and her crew.


ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා ‘සුරක්ෂා’ සිය 09 වන නෞකා දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා ‘සුරක්ෂා’ සිය 09 වන නෞකා දින සංවත්සරය 2026 ඔක්තෝබර් මස 21 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී අණදෙන නිලධාරීතුමාගේ අංශ පරීක්ෂාව සහ “බඩාකානා” ඇතුළු සාම්ප්‍රදායික නාවික චාරිත්‍ර සමගින් අභිමානවත් අයුරින් සමරන ලදී.

සංවත්සරයට සමගාමීව ඔක්තෝබර් මස 11 වන දින පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකක නියෝජනය කරමින් කණ්ඩායම් 11ක් සහභාගී වූ අතර, එමඟින් එකමුතුකම, සුහදත්වය සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කෙරිණි.

තවද, නෞකාවට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවක්, නෞකාව තුළ බණ දේශනාවක් හා පිරිත් සජ්ඣායනාවක්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික වැඩසටහනක් සහ මට්ටක්කුලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන් මාලාව තුළින් නෞකාවේ අභිමානවත් සම්ප්‍රදායන්, ආගමික සහජීවනය, එකමුතුකම සහ කාර්ය මණ්ඩලයේ සුහදත්වය මනාව පිළිබිඹු විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff