Sri Lanka Coast Guard personnel attached to Station Kirinda arrested a suspect with 35.5 kg of prohibited Thambuwa (Cephalopholis sonnerati) fish during an operation on 05th November 2026, following intelligence received.
The operation was conducted at approximately 1915 hrs following information received by intelligence personnel attached to the Sri Lanka Coast Guard Station Kirinda. Accordingly, Coast Guard personnel on duty at the Hambantota Fisheries Inspection Centre, together with officials of the Hambantota Fisheries Inspector's Office, carried out the raid and apprehended the suspect along with the stock of Thambuwa fish.
Thambuwa (Cephalopholis sonnerati) is a protected fish species under Sri Lankan fisheries legislation. Its capture, possession, transportation, purchase, display for sale, sale and export are prohibited under the provisions of the Fisheries and Aquatic Resources Act, No. 2 of 1996, as specified in Extraordinary Gazette No. 2014/4 dated 11th April 2017.
The legal protection afforded to this species forms part of Sri Lanka's efforts to conserve marine biodiversity,safeguard vulnerable marine resources and maintain the ecological balance of the country's marine ecosystems.
The apprehended suspect and the stock of fish were handed over to the Hambantota Fisheries Inspector's Office for further legal action.
The Sri Lanka Coast Guard continues to conduct regular operations in collaboration with relevant authorities to prevent illegal fishing activities and protect the marine resources of Sri Lanka.
2026 නොවැම්බර් මස 05 වන දින ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී, තහනම් මත්ස්‍ය විශේෂයක් වන තඹුවා (Thambuwa) කිලෝග්‍රෑම් 35.5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානය විසින් කටයුතු කරන ලදී.
ඒ අනුව, හම්බන්තොට ධීවර පරීක්ෂක මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් සහ හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකරන ලදී.
අත්අඩංගුවට ගත් තඹුවා මත්ස්‍ය විශේෂය විද්‍යාත්මකව Cephalopholis sonnerati ලෙස හඳුන්වන අතර, එය ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂිත මත්ස්‍ය විශේෂයක් ලෙස නම් කර ඇත. 2017 අප්‍රේල් මස 11 වන දින නිකුත් කරන ලද අංක 2014/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය සමඟ කියවිය යුතු 61 වන වගන්තිය යටතේ මෙම මත්ස්‍ය විශේෂය ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම සහ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මෙම නීතිමය ආරක්ෂාව මඟින් තඹුවා මත්ස්‍ය විශේෂය ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ජෛව සම්පත් සංරක්ෂණය කිරීම, සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ මත්ස්‍ය සම්පත තිරසාරව පවත්වා ගෙන යාම අරමුණු කරගත් සංරක්ෂණ ප්රයත්නයන්ට දායකත්වය සැපයේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ තඹුවා මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවේ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ වෙරළබඩ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙවැනි නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff