Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SRI SRI LANKA COAST GUARD COMMEMORATES REMEMBRANCE DAY AT HEADQUARTERS

The Sri Lanka Coast Guard (SLCG) commemorated Remembrance Day with a solemn ceremony held today (08th November 2026) at the Sri Lanka Coast Guard Headquarters, joining the international community in honouring the memory of those who made the ultimate sacrifice in the service of their nations.

Remembrance Day is observed in many parts of the world to pay tribute to military personnel who lost their lives during wars and armed conflicts, particularly those who sacrificed their lives in the two World Wars. The occasion serves as a reminder of the invaluable sacrifices made by service personnel in safeguarding peace, freedom and national sovereignty.

The ceremony was attended by the Deputy Director General of the Sri Lanka Coast Guard, along with other officers and sailors. Their participation symbolized the collective respect and gratitude of the Coast Guard fraternity towards those who made the supreme sacrifice in the pursuit of peace and security.

The commemoration provided an opportunity to reflect on the courage, dedication and selfless service of fallen heroes, while reaffirming the enduring values of duty, honour and commitment upheld by service personnel.


ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පොපි මල් දින සැමරුමක්

ලොව පුරා රටවල් රැසක සිදු කරනු ලබන පොපි මල් දින සැමරුමට සමගාමීව, යුද ගැටුම්වලදී සිය මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි සත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද චාම් සැමරුම් උත්සවයක් 2026 නොවැම්බර් 08 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

පළමු හා දෙවන ලෝක යුද්ධයන් ඇතුළු විවිධ යුද ගැටුම්වලදී සිය මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ගෞරව දැක්වීම සහ ඔවුන්ගේ අමිල කැපකිරීම් සිහිපත් කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ. සාමය, නිදහස සහ ජාතික ස් ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් සිදු කළ උදාර සේවය අගය කිරීම සඳහා ලොව පුරා මෙම දිනය අනුස්මරණය කරනු ලබයි.

මෙම සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු නිලධාරීන් සහ නාවිකයන් සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය තුළින් සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් සිය ජීවිත පූජා කළ රණ විරුවන් වෙත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමූහික ගෞරවය සහ කෘතවේදීත්වය පුද කරන ලදී.

එමෙන්ම, දිවි පිදූ රණවිරුවන්ගේ වීරත්වය, කැපවීම සහ පරාර්ථකාමී සේවය සිහිපත් කරමින්, රාජකාරිය, ගෞරවය සහ කැපවීම යන උතුම් වටිනාකම් වර්තමාන සහ අනාගත සේවා සාමාජිකයන් තුළ තවදුරටත් තහවුරු කිරීමේ වැදගත්කම මෙම සැමරුම මගින් අවධාරණය කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff