The Sri Lanka Coast Guard Ship (SLCGS) Jayesagara successfully rescued a 47-year-old fisherman who had been reported in distress at sea while engaged in fishing activities aboard a fishing dinghy on 26th November 2026. The fisherman, a resident of Mannar, had departed from Mullaitivu for fishing activities.
Following the incident, the distressed fisherman was initially rescued by another Sri Lankan fishing vessel. Upon receiving information about the incident, SLCGS Jayesagara, which was at Trincomalee Harbour, promptly proceeded to the designated location, approximately 240 nautical miles (444 km) away, and took over the rescued fisherman from the fishing vessel at 0550 hrs on 07 November.
Upon taking him aboard, the crew of SLCGS Jayesagara provided the necessary medical assistance and continuously monitored his condition throughout the voyage. The Coast Guard ship subsequently arrived at Trincomalee today (08th November 2026), where the fisherman was safely brought ashore and transferred to the Naval Hospital, Trincomalee, for further medical treatment.
This rescue operation reflects the Sri Lanka Coast Guard's continued commitment to safeguarding lives at sea and providing timely assistance to fishermen and other mariners in distress.
ධීවර කටයුතු සඳහා මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී ආපදාවට පත් වූ 47 හැවිරිදි ධීවරයෙකු බේරාගෙන ආරක්ෂිතව ත්‍රිකුණාමලය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ජයසාගර නෞකාව (SLCGS Jayesagara) සමත්විය. මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම ධීවරයා ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙලෙස ආපදාවට පත්ව ඇත.
ඒ අනුව, වෙනත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මගින් බේරාගෙන සිටි මෙම ධීවරයා පිළිබඳව ලද තොරතුරකට අනුව, ත්‍රිකුණාමලය වරායේ සිට නාවික සැතපුම් 240ක් (කිලෝමීටර් 444ක්) පමණ දුරින් පිහිටි අදාළ මුහුදු ප්‍රදේශය වෙත කඩිනමින් පිටත්ව ගිය ජයසාගර නෞකාව, නොවැම්බර් 07 වන දින පෙරවරු 0550ට එම ධීවරයා සිය භාරයට ගෙන ඇත.
එම ධීවරයා නෞකාව වෙත රැගෙන ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ගමන අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමටත් නෞකාවේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත. අනතුරුව, අද (08) දින ත්‍රිකුණාමලය වරාය වෙත ළඟා වූ නෞකාව මගින් එම ධීවරයා ගොඩබිමට රැගෙන ඒමෙන් පසු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික රෝහල වෙත භාරදීමට කටයුතු කර ඇත.
මුහුදේදී ආපදාවට පත්වන ධීවර ප්‍රජාව ඇතුළු නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන් වෙත කඩිනම් සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම මෙහෙයුම මගින් තවදුරටත් තහවුරු වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff