Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

SRI LANKA COAST GUARD SEIZES OVER 1.5 TONNES OF KENDU LEAVES IN CHILAW

The Sri Lanka Coast Guard (SLCG), in a joint operation conducted with the Sri Lanka Police, apprehended two individuals and seized 42 sacks of Kendu leaves weighing approximately 1,597.2 kg, suspected to have been smuggled into Sri Lanka from India by sea.

The operation was carried out on 12th November 2026, at around 2045 hrs, at the Thalwila beach area in Chilaw, following information received by the Sri Lanka Coast Guard.

The operation involved personnel from the Thoduwawa Sub-Unit and CG 205 patrol craft of the Sri Lanka Coast Guard, together with personnel from the Sri Lanka Navy's Expeditionary Task Force and Marines, as well as officers from the Thoduwawa Police Station.

During the operation, the officers also seized a lorry and a dinghy boat allegedly used in connection with the smuggling activity.

The apprehended individuals and seized items were handed over to the Thoduwawa Police Station at around 0200 hrs on 13 November 2026. The Thoduwawa Police are expected to hand them over to the Excise Special Raids Unit, Biyagama, for further legal proceedings.

Over the past two years, the Sri Lanka Coast Guard has seized more than 30 tonnes of Kendu leaves through its operations against maritime smuggling activities.


හලාවත තල්විල වෙරළ තීරයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 1,597 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව 2026 නොවැම්බර් 12 වන දින රාත්‍රී 2045 පැයට පමණ හලාවත තල්විල වෙරළ තීරයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන බීඩි කොළ උර 42 ක් (කිලෝග්‍රෑම් 1,597.2 ක්), ලොරි රථයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත් විය.

ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත තොඩුවාව අනුඛණ්ඩයේ නාවිකයින්, CG 205 මුර යාත්‍රාවේ නාවිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ගවේෂණාත්මක කාර්ය සාධක බලකායේ නාවිකයින්, මැරීන්ස් භටයින් සහ තොඩුවාව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව මෙම මෙහෙයුම සිදු කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ 2026 නොවැම්බර් 13 වන දින අලුයම 0200 පැයට පමණ ඉදිරි නීතිමය කටයුතු සඳහා තොඩුවාව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී. අනතුරුව, එම සැකකරුවන් සහ භාණ්ඩ බියගම සුරාබදු විශේෂ වැටලීම් ඒකකය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙහෙයුම් මඟින් බීඩි කොළ ටොන් 30 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff